ඕස්ට්‍රේලියාවේ regional වීසා ලබා පැමිණෙන සංක්‍රමනිකයන්ගෙන් 10 දෙනෙකුගෙන් 1 අයෙකුම මාස 18 කින් පසුව නගර කරා ආදී යන බවට වාර්තා වෙනවා .
මේ පිලිබදව මෑතකදී සෙනට් සභාවේදී ද සාකච්චාවට බඳුන් වුනා. ඒ නිසාම Turnbull රජය බලාපොරොත්තු වන්නේ කලාපිය අනුග්‍රාහක වීසා නීති වෙනස්කරමින් එම ප්‍රදේශ වලම සං ක්‍රමනිකයන් රඳවා තබා ගනීමටයි .

අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන Continuous Survey of Australian Migrants (CSAM) නම් සමීක්ෂණයට අනුව කුසලතා සහිත regional වීසා ලාබීන් 6%ක් එම ප්‍රදේශ වල රැඳෙන බවත්, 10%කම මාස 18ක් තුල නගර කරා යන බවත් හෙළි වුනා
වසර 2016-2017 කාලයේ ඔස්ට්‍රේලියාවට regional වීසා ලාබීන් 4766ක් පැමිණුනා අතර නමුත් ඉන් අඩක්ම පර්ත් නුවර පදිංචි වුවන්. රජය පසුගිය නොවැම්බර් පර්ත් නුවර regional නොවන බවට ප්‍රකාශ කලා
තවමත්, ඩාවින්, ඇඩිලේඩ් , හොබාට් හා කැන්බරා ද ප්‍රාදේශය ලෙස සැලකේ

By Charitha Adikari
Source: SBS News.
read more >