ඇඩිලේඩ් ශ්රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවූ සංඝාවාසය සගසතු කිරීමේ මහා පුණ්යෝත්සවය, මෙම සෙනසුරාදා (27/07/2024)ඇඩිලේඩ් ශ්රී ලංකා බෞද්ධ විහාරාධිපති, ගෞරවනීය පුජ්ය උඩගබ්බල සුමේධ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
මෙම මහගු පුණ්යකර්මයට හා එයට සමගාමීව සත් බුද්ධ වන්දනාව, අෂ්ඨපාන හා ගිලන්පස පූජාව සහ සෙත් පිරිත් සජ්ජායනය පින්කමක්ද සංවිධානය කෙරිණි.